අංක 977/18, නුවර පාර, බුළුගහ හංදිය,
කැලණිය

දුරකථන : +9411 2987860
ෆැක්ස් : +9411 2984099

බලපත්‍ර නිකුත් කිරීම, ආනයන හා අපනයන පාලන අංශය


අයනීකරණ විකිරණ (සියලු වර්ගවල විකිරණ භාවිත පහසුකම් හා විකිරණ ප්‍රභව) සහ විකිරණශීලි ද්‍රව්‍ය හා ප්‍රවිකිරණ උපකරණ ආනයනය හා අපනයනය පාලනය කිරීම මෙම අංශය භාර අධ්‍යක්ෂ යටතේ ක්‍රියාත්මක වේ.වර්තමාන අධ්‍යක්ෂ ලෙස වසර 23 කට අධික අත්දැකීම් ලබා ඇති කපිල ද සිල්වා මහතා කටයුතු කරයි. වෛද්‍ය ක්ෂේත්‍රයේ බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ වසර 17 කට අධික අත්දැකීම් ලබා ඇති නියෝජ්‍ය අධ්‍යක්ෂ (වෛද්‍ය භාවිතයන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ අංශය) සුමිත් කොළඹගේ මහතා ගේ ප්‍රධානත්වයෙනි. කර්මාන්ත ක්ෂේත්‍රයේ බලපත්‍ර නිකුත් කිරීම සහ ආනයන හා අපනයන පාලන කටයුතු සිදු කරනු ලබන්නේ වසර 09 කට අධික අත්දැකීම් ලබා ඇති නියෝජ්‍ය අධ්‍යක්ෂ (කර්මාන්ත හා යෙදුම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම හා ආනයන, අපනයන පාලන අංශය) චාමිනි හේරත් මහත්මියගේ ගේ ප්‍රධානත්වයෙනි.

විකිරණ සහ විකිරණශීලී සමස්ථානිකවල වෛද්‍ය, කාර්මික සහ පර්යේෂණ යෙදීම් සඳහා බලය පැවරීම සහ බලපත්‍ර ලබා දීම පහත සඳහන් භාවිතයන් සහ උපාංග සඳහා කරනු ලැබේ.

  • විකිරණ චිකිත්සාව (ටෙලි තෙරපි, බ්‍රැචිතෙරපි, රේඛිය ත්වරක)
  • න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව (චිකිත්සාව, ශරීර අභ්‍යන්තරයේ සහ භාහිර රෝග විනිශ්චය)
  • වෛද්‍ය විකිරණවේදය (සාමාන්‍ය, දන්ත සහ මැදිහත්වීම්)
  • කාර්මික ප්‍රවීකිරණ ආයතන (වෛද්‍ය නිෂ්පාදන විෂබීජහරණය කිරීම සහ ආහාර ප්‍රවිකිරණය)
  • ගැමා ප්‍රවිකිරණ කුටි (පර්යේෂණ, රුධිර ප්‍රවීකිරණය)
  • කාර්මික විකිරණවේදය (ගැමා සහ X-කිරණ)
  • නියුට්‍රෝන උත්පාදක යන්ත්‍ර, න්‍යෂ්ඨික ආමාන, විකිරනශීලි ප්‍රභව සහිත අකුණු සන්නායක
  • විශ්ලේෂණ X-කිරණ උපකරණ, විකිරණශීලී ප්‍රභව අඩංගු විශ්ලේෂණ උපකරණ, කැබිනට් X-කිරණ ඒකක
  • මුද්‍රා තැබූ සහ මුද්‍රා නොකළ විකිරණශීලී ප්‍රභවයන්
  • ප්‍රවිකිරණ උපකරණ සහ විකිරණශීලී ද්‍රව්‍ය ආනයනය හා අපනයනය කිරීම
  • විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහනය
  • විකිරණශීලී ප්‍රභවයන් සහිත ප්‍රවිකිරණ උපකරණ සහ උපකරණවල සේවය හා නඩත්තුව
  • විකිරණශීලී අපද්‍රව්‍ය කළමනාකරණය සහ ගබඩා කිරීම
  • විකිරණශීලී ප්‍රභවයන් අපහරණය කිරීම සහ බෙදා හැරීම
  • විකිරණශීලී ප්‍රභවයන් සහ ප්‍රවිකිරණ උපකරණ විකිණීම